Shop

සවන් ළඟ සරන්නා – THE WHISPER MAN

රු1,200.00

ලේඛකයකු වන ටොම් කෙනඩි සිය බිරිඳගේ හදිසි වියෝවෙන් පසු, සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන, නව ජීවිතයක් ඇරඹීමට හැකි වනු පිණිස ඔහුගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමග ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක පිහිටි නව නිවසක පදිංචියට යයි. ඒ කාලයේදීම ෆෙදර්බෑන්ක්වලින් කුඩා පිරිමි ළමයකු අතුරුදන් වන අතර, එහි සුලමුල සොයාගැනීමේ වගකීම් පීට් විලිස් සහ අමැන්ඩා බෙක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරෙයි. ඒ අතරේ ජේක්ට ඔහුගේ කාමරයේ ජනේලයෙන් පිටතට සිට කිසිවකු රහස් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනියි.

මිලී-මොලී-මැන්ඩි ගේ තවත් වැඩ කටයුතු – FURTHER DOINGS OF MILLY-MOLLY MANDY

රු1,120.00

අලුතින්ම පරිච්ඡේද සහිත කතාන්දර පොත් කියවන්නට පටන් ගන්නා දරුවන්ට සේම, වැඩිහිටියන්ටද දරුවන් සමග එක් වී හඬ නගා වචන උච්චාරණය කරමින් කියැවිය හැකි කතාන්දර පොතකි. කියවන්න. චිත්‍ර පාට කරන්න.

.

මිලී-මොලී-මැන්ඩි ගේ තවත් කතාන්දර – MORE OF MILLY-MOLLY MANDY

රු1,120.00

අලුතින්ම පරිච්ඡේද සහිත කතාන්දර පොත් කියවන්නට පටන් ගන්නා දරුවන්ට සේම, වැඩිහිටියන්ටද දරුවන් සමග එක් වී හඬ නගා වචන උච්චාරණය කරමින් කියැවිය හැකි කතාන්දර පොතකි. කියවන්න. චිත්‍ර පාට කරන්න.

මිලී-මොලී-මැන්ඩි ගේ කතාන්දර – MILLY-MOLLY-MANDY STORIES

රු1,120.00

අලුතින්ම පරිච්ඡේද සහිත කතාන්දර පොත් කියවන්නට පටන් ගන්නා දරුවන්ට සේම, වැඩිහිටියන්ටද දරුවන් සමග එක් වී හඬ නගා වචන උච්චාරණය කරමින් කියැවිය හැකි කතාන්දර පොතකි. කියවන්න. චිත්‍ර පාට කරන්න.

වෙස්ටවේ මහත්මියගේ මරණය – THE DEATH OF MRS WESTAWAY

රු1,040.00

ඇගේ මිත්තණියගෙන් සැලකිය යුතු බූදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට, හැරියට් වෙස්ටවේට එය දැනුණේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිනි පොලීකරුවකුගෙන් ණයට ගෙන සිටි ඇය, ඔවුන්ගේ ආක්‍රමණශීලී තර්ජනවලින් බිය වැදී සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි.

සදහටම රමෝනා – RAMONA FOREVER

රු960.00

හෝවි කෙම්ප්ගේ අබිරහස් බාප්පා සවුදි අරාබියේ සිට පැමිණි මොහොතේ පටන් රමෝනාගේ ජීවිතය වෙනස් වෙයි. රමෝනාගේ අම්මා රහස් දුරකතන සංවාදවල යෙදෙයි. අතුරුපස කෑම නතර කරයි. බී පුංචිද රහසක් සඟවාගෙන සිටියි. පුදුම වන්නට කාරණා කොතරම් තිබුණත්, ප්‍රීතියෙන් සිටින, අන් අයට උදවු කරන ළමයකු වීම රමෝනාගේ අධිෂ්ඨානයයි.

රමෝනාගේ ලෝකය – RAMONA’S WORLD

රු960.00

හතරවැනි ශ්‍රේණියේ ගත කරන අවුරුද්ද හොඳම අවුරුද්ද වන්නට යන බව රමෝනා සිතාගෙන සිටි නමුත්, එය ඈ සිතුවාට වඩා දුෂ්කර අවුරුද්දක් බවට පත්වෙයි. ඈ නිවැරදිව අකුරු ලියන්නට උගෙන ගන්නේ කෙසේද? ඇගේ අම්මා අපේක්ෂා කරන පරිදි, කුඩා නැගණිය රොබර්ටා ට පරමාදර්ශයක් වන්නේ කෙසේද?

රමෝනා සහ ඇගේ තාත්තා – RAMONA AND HER FATHER

රු960.00

තාත්තාට රැකියාව අහිමි වී ගිය විට, රමෝනා පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටීමෙන් සමහරවිට ඈට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කර ගැනීම සඳහා තාත්තාගේ දුම්බීම නවත්තා ගන්නට ඈට හැකි වනු ඇත.

රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි – RAMONA QUIMBY, AGE 8

රු960.00

දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර, ඈට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසු ඈ බලාගන්නා කෙම්ප් මහත්මිය සමග සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමග සෙල්ලම් කළ යුතුය.

එඩිතර රමෝනා – RAMONA THE BRAVE

රු960.00

අඩුම තරමින්, දවල්  කාලයටවත් තමාටම කියා අලුත් නිදන කාමරයක් ලැබීම ගැන රමෝනා මහත් සතුටට පත්වී සිටියි. රෑ කාලයේදී, අවතාර වැනි, ඇටකටු නැති ගෝරිල්ලන් දොර යටින් රිංගාගෙන එන විට නි ර් භීතව සිටීම පහසු වැඩක් නොවේ.

ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය – CLEMENTINE ROSE AND THE FARM FIASCO

රු960.00

ක්ලෙමන්ටයින් රෝස සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ වසන්ත කාලයේ ගමේ ගොවිපොළකට විනෝද ගමනක් යන්නට යති. ඔවුන්ට උදවු වීම සඳහා වයලට් ආච්චි මම්මාත් ඔවුන් සමග යන්නට එයි.

ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග – CLEMENTINE ROSE AND THE PERFECT PRESENT

රු960.00

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත් වී සිටියි! පිටුපස මිදුලේ යෝධ කූඩාරමක් ඇති අතර, අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට යති. ලස්සණට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට අදහසක් පහළ වෙයි. එහෙත් හරි වේලාවට ඒ අපූරු තෑග්ග සොයා ගන්නට ඈට හැකි වේවිද?

ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය – CLEMENTINE ROSE AND THE PET DAY DISASTER

රු960.00

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමග පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට ඈට ලැබෙන්නේ සැර, නිතර කෑගසන ගුරුවරියකි. ඊළඟට මුල් වරට හමුවූ මොහොතේ පටන්, ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක්ද ඇගේ පන්තියේ සිටියි.

බීසස් සහ රමෝනා – BEEZUS AND RAMONA

රු960.00

බීසස් කුම්බි ඇගේ සිවු හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සාහ කරන නමුත්, රමෝනා පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු මුහුණේ තවරා ගන්නා විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වේලාවට, බීසස් රමෝනාට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුණත්, ඔවුන් හැම දාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.

1 2