Shop

ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා – CLEMENTINE ROSE AND THE SURPRISE VISITOR

රු520.00

සිය මව මව ක්ලැරිසා ආර් යාවත්, ප්‍රධාන සේවකයා වන ඩිග්බි පර් ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමග පෙන්බර් ති ෆ්ලොස් ගමේ, ගරා වැටුණු විශාල වළව්වක ජීවත් වන ලස්සණ කුඩා දැරියක් ජීවත් වෙයි. ක්ලෙමන්ටයින් ගේ නපුරු ආච්චි මම්මා බලාපොරොත්තු නොවූ ලෙස එහි ආ විට, නිවසේ මහා අවුලක් ඇති වෙයි.

කරදරකාර රමෝනා – RAMONA THE PEST

රු560.00

රමෝනා කුම්බිට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඈට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සණ කොණ්ඩ කැරලිවලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලිවලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩිවී සිටියොත් ඈට ප්‍රසන්ට් එකක් දෙන  බව පවා ඇගේ ගුරුතුමිය කීවාය.

රමෝනා සහ ඇගේ අම්මා – RAMONA AND HER MOTHER

රු560.00

කුම්බි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත් දෙදෙනාම රැකියාවට ගොස් සිටින අතරේ තනිවම නිවසට වී සිටින්නට රමෝනා තවම පොඩි වැඩිය. එබැවින් පාසල නිම වූ පසු ඈ හෝවිගේ නිවසට යන අතර, එහි සිටින කරදරකාර විලා ජීන් සමග ළදරු සෙල්ලම්වල යෙදෙන්නට දැන් ඈ ලොකු වැඩිය. වැඩුණු ළමයකු මෙන් හැසිරෙන්නට ඈ උත්සාහ කරන නමුත්, ඈට ඇත්තටම ඕනෑ වී ඇත්තේ ඇගේ අම්මාගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි.

ආකාශ වස්තු – CELESTIAL BODIES

රු935.00

ආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ සමාජීය විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ අල් අවාෆි නම් ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. වහල් හිමි ක්‍රමයක් පැවැති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල තුළින් අපට  දැකගන්නට ලැබේ.

බීසස් සහ රමෝනා – BEEZUS AND RAMONA

රු960.00

බීසස් කුම්බි ඇගේ සිවු හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සාහ කරන නමුත්, රමෝනා පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු මුහුණේ තවරා ගන්නා විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වේලාවට, බීසස් රමෝනාට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුණත්, ඔවුන් හැම දාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.

ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය – CLEMENTINE ROSE AND THE PET DAY DISASTER

රු960.00

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමග පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට ඈට ලැබෙන්නේ සැර, නිතර කෑගසන ගුරුවරියකි. ඊළඟට මුල් වරට හමුවූ මොහොතේ පටන්, ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක්ද ඇගේ පන්තියේ සිටියි.

ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග – CLEMENTINE ROSE AND THE PERFECT PRESENT

රු960.00

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත් වී සිටියි! පිටුපස මිදුලේ යෝධ කූඩාරමක් ඇති අතර, අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට යති. ලස්සණට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට අදහසක් පහළ වෙයි. එහෙත් හරි වේලාවට ඒ අපූරු තෑග්ග සොයා ගන්නට ඈට හැකි වේවිද?

ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය – CLEMENTINE ROSE AND THE FARM FIASCO

රු960.00

ක්ලෙමන්ටයින් රෝස සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ වසන්ත කාලයේ ගමේ ගොවිපොළකට විනෝද ගමනක් යන්නට යති. ඔවුන්ට උදවු වීම සඳහා වයලට් ආච්චි මම්මාත් ඔවුන් සමග යන්නට එයි.

එඩිතර රමෝනා – RAMONA THE BRAVE

රු960.00

අඩුම තරමින්, දවල්  කාලයටවත් තමාටම කියා අලුත් නිදන කාමරයක් ලැබීම ගැන රමෝනා මහත් සතුටට පත්වී සිටියි. රෑ කාලයේදී, අවතාර වැනි, ඇටකටු නැති ගෝරිල්ලන් දොර යටින් රිංගාගෙන එන විට නි ර් භීතව සිටීම පහසු වැඩක් නොවේ.

රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි – RAMONA QUIMBY, AGE 8

රු960.00

දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර, ඈට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසු ඈ බලාගන්නා කෙම්ප් මහත්මිය සමග සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමග සෙල්ලම් කළ යුතුය.

රමෝනා සහ ඇගේ තාත්තා – RAMONA AND HER FATHER

රු960.00

තාත්තාට රැකියාව අහිමි වී ගිය විට, රමෝනා පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටීමෙන් සමහරවිට ඈට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කර ගැනීම සඳහා තාත්තාගේ දුම්බීම නවත්තා ගන්නට ඈට හැකි වනු ඇත.

රමෝනාගේ ලෝකය – RAMONA’S WORLD

රු960.00

හතරවැනි ශ්‍රේණියේ ගත කරන අවුරුද්ද හොඳම අවුරුද්ද වන්නට යන බව රමෝනා සිතාගෙන සිටි නමුත්, එය ඈ සිතුවාට වඩා දුෂ්කර අවුරුද්දක් බවට පත්වෙයි. ඈ නිවැරදිව අකුරු ලියන්නට උගෙන ගන්නේ කෙසේද? ඇගේ අම්මා අපේක්ෂා කරන පරිදි, කුඩා නැගණිය රොබර්ටා ට පරමාදර්ශයක් වන්නේ කෙසේද?

සදහටම රමෝනා – RAMONA FOREVER

රු960.00

හෝවි කෙම්ප්ගේ අබිරහස් බාප්පා සවුදි අරාබියේ සිට පැමිණි මොහොතේ පටන් රමෝනාගේ ජීවිතය වෙනස් වෙයි. රමෝනාගේ අම්මා රහස් දුරකතන සංවාදවල යෙදෙයි. අතුරුපස කෑම නතර කරයි. බී පුංචිද රහසක් සඟවාගෙන සිටියි. පුදුම වන්නට කාරණා කොතරම් තිබුණත්, ප්‍රීතියෙන් සිටින, අන් අයට උදවු කරන ළමයකු වීම රමෝනාගේ අධිෂ්ඨානයයි.

වෙස්ටවේ මහත්මියගේ මරණය – THE DEATH OF MRS WESTAWAY

රු1,040.00

ඇගේ මිත්තණියගෙන් සැලකිය යුතු බූදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට, හැරියට් වෙස්ටවේට එය දැනුණේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිනි පොලීකරුවකුගෙන් ණයට ගෙන සිටි ඇය, ඔවුන්ගේ ආක්‍රමණශීලී තර්ජනවලින් බිය වැදී සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි.

මිලී-මොලී-මැන්ඩි ගේ කතාන්දර – MILLY-MOLLY-MANDY STORIES

රු1,120.00

අලුතින්ම පරිච්ඡේද සහිත කතාන්දර පොත් කියවන්නට පටන් ගන්නා දරුවන්ට සේම, වැඩිහිටියන්ටද දරුවන් සමග එක් වී හඬ නගා වචන උච්චාරණය කරමින් කියැවිය හැකි කතාන්දර පොතකි. කියවන්න. චිත්‍ර පාට කරන්න.

මිලී-මොලී-මැන්ඩි ගේ තවත් කතාන්දර – MORE OF MILLY-MOLLY MANDY

රු1,120.00

අලුතින්ම පරිච්ඡේද සහිත කතාන්දර පොත් කියවන්නට පටන් ගන්නා දරුවන්ට සේම, වැඩිහිටියන්ටද දරුවන් සමග එක් වී හඬ නගා වචන උච්චාරණය කරමින් කියැවිය හැකි කතාන්දර පොතකි. කියවන්න. චිත්‍ර පාට කරන්න.

1 2